Day: January 12, 2022

රැපිඩ් ප්‍රථිඵල වාර්තා නොකලහොත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඩොලර් 1000 ක දඩයක්

නිවසේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් ප්‍රථිඵල වාර්තා කිරීම අනිවාර්ය කරමින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නව නියමයක් පණවා තිබෙනවා. එසේ කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට ඩොලර් 1000 ක දඩයක් පැණවෙනු ඇති. ජනවාරි පළමුවනදා සිට සිදුකල සියලු පරීක්ෂණ ප්‍රථිඵල Service NSW ඇප්ලිකේෂනය හෝ අන්තර්ජාලය හරහා දැනුම්දීම මේ අනුව අනිවාර්ය වනවා. අද සිට සතියක් සහන කාලයක් ලබාදී ඇති අතර ලබන 19 වනදා සිට දඩ පැණවීම අනිවාර්යයෙන් සිදුකරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කලේ. වයස අවුරුදු 16

Read More »

“ඉගෙන ගන්න රට යන එකත් ඩොලර් අර්බුදයට හේතුවක්”

උසස් අධ්‍යාපනය සඳහා ලාංකික සිසුන් විදෙස් ගතවීමද රටේ ඩොලර් අර්බුදයට හේතුවක් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. එමගින් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භ කිරීම සහ ඊට සමගාමීව විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අගමැතිවරයා මේ බව කියාසිටියා. කොවිඩ් 19 වසංගතයට පෙර වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් උසස්

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 40,127ක්! NSW ප්‍රාන්තයෙන් 34,759ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 40,127 ක් හමුව ඇත. මරණ 21 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 209,715 කි. ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 61,630 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 24,547 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1481023121268551680?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (11) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 34,759 ක් වාර්තා වි තිබේ. දැනට 2,242 දෙනෙකු

Read More »

ජොකොවිච් ට එරෙහිව තවත් පරීක්ෂණයක්

ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච් ට එරෙහිව තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහායි. ජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර දින 14 සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරු වල නිරවද්‍යතාව සමබන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුවී ඇති බව සඳහන්. එම සති දෙක තුළදී ස්පාඤ්ඤයේ සහ සර්බියාවේ විවිධ අවස්ථා වලට ජොකොවිච් එක්වූ බවට හැඟවෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ඔහුගේ වීසා බලපත්‍රය අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු ආගමන-විගමන

Read More »

නත්තලට කලින් වැඩියෙන්ම වියදම් කර ඇත්තේ වික්ටෝරියානුවන් බව හෙළිවෙයි

නත්තල් උත්සවයට පෙර නොවැම්බර් මාසයේදී සිල්ලර වෙළඳසැල් වලදී වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් බව නවතම සංඛ්‍යාලේඛණ හෙළිකරනවා. එය 2020 වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී සියයට 20 ක ඉහළ යාමක්. ප්‍රාන්තයට පණවා තිබූ ලොක්ඩවුන් තත්වය ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමත් සමග ප්‍රාන්තවාසීන් වැඩි වශයෙන් සාප්පු සවාරි සඳහා යොමුවීම මීට හේතුවයි. අදාළ කාලසීමාවේදී වැඩිම අලෙවියක් සිදුවී ඇත්තේ ඇඳුම් – පාවහන් – ගෘහභාණ්ඩ සහ ආහාර සඳහායි. වික්ටෝරියා හැරුණුවිට නිවු සවුත් වේල්ස් සහ ඒ සී ටී ප්‍රාන්තවලින්ද 2020

Read More »