නත්තලට කලින් වැඩියෙන්ම වියදම් කර ඇත්තේ වික්ටෝරියානුවන් බව හෙළිවෙයි

නත්තල් උත්සවයට පෙර නොවැම්බර් මාසයේදී සිල්ලර වෙළඳසැල් වලදී වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් බව නවතම සංඛ්‍යාලේඛණ හෙළිකරනවා.

එය 2020 වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී සියයට 20 ක ඉහළ යාමක්.

ප්‍රාන්තයට පණවා තිබූ ලොක්ඩවුන් තත්වය ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමත් සමග ප්‍රාන්තවාසීන් වැඩි වශයෙන් සාප්පු සවාරි සඳහා යොමුවීම මීට හේතුවයි.

අදාළ කාලසීමාවේදී වැඩිම අලෙවියක් සිදුවී ඇත්තේ ඇඳුම් – පාවහන් – ගෘහභාණ්ඩ සහ ආහාර සඳහායි.

වික්ටෝරියා හැරුණුවිට නිවු සවුත් වේල්ස් සහ ඒ සී ටී ප්‍රාන්තවලින්ද 2020 වසරේ නොවැම්බරයට වඩා සිල්ලර මිළදී ගැනීම් ඉහළ අගයන් වාර්තා කර තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වියදම් කර ඇති මුදල ඩොලර් බිලියන 33.4 ක්.

https://www.9news.com.au/national/abs-november-retail-spending-figures-new-data-reveals-australian-retail-sales-hit-record-high-preomicron/2262eb5e-5820-4e22-b8b4-385d356e5729

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »