Search

රැපිඩ් ප්‍රථිඵල වාර්තා නොකලහොත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඩොලර් 1000 ක දඩයක්

නිවසේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් ප්‍රථිඵල වාර්තා කිරීම අනිවාර්ය කරමින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නව නියමයක් පණවා තිබෙනවා.

එසේ කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට ඩොලර් 1000 ක දඩයක් පැණවෙනු ඇති.

ජනවාරි පළමුවනදා සිට සිදුකල සියලු පරීක්ෂණ ප්‍රථිඵල Service NSW ඇප්ලිකේෂනය හෝ අන්තර්ජාලය හරහා දැනුම්දීම මේ අනුව අනිවාර්ය වනවා.

අද සිට සතියක් සහන කාලයක් ලබාදී ඇති අතර ලබන 19 වනදා සිට දඩ පැණවීම අනිවාර්යයෙන් සිදුකරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කලේ.

වයස අවුරුදු 16 ට වැඩි සියල්ලන් සඳහා එය අනිවාර්ය වනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/how-to-report-positive-rat-results-service-nsw-launches-mandatory-system-for-rapid-antigen-tests-c-5273283

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »