“ඉගෙන ගන්න රට යන එකත් ඩොලර් අර්බුදයට හේතුවක්”

උසස් අධ්‍යාපනය සඳහා ලාංකික සිසුන් විදෙස් ගතවීමද රටේ ඩොලර් අර්බුදයට හේතුවක් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.

එමගින් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භ කිරීම සහ ඊට සමගාමීව විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අගමැතිවරයා මේ බව කියාසිටියා.

කොවිඩ් 19 වසංගතයට පෙර වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වු බවද මෙය ජාතික වශයෙන් ඉතා බරපතල මුල්‍ය අර්බුදයකට මග පාදන බවත් ඔහු සඳහන් කලා.

උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කළ විශාල සිසුන් සංඛ්‍යාවක් රට තුළම රදවා ගනිමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය රටට ඉතිරි කර දීමට සමත් වූ බවත් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කලා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »