නොවැක් ජොකොවික් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරන්නේද ? අවසන් තීන්දුව අද

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරන්නේද නොමැතිද යන අවසන් තීන්දුව අද ලබාදීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නුවරට පැමිණි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි.

ඒ නිසි එන්නත්කරණයකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම නීති විරෝධී යැයි දක්වමින්.

එහෙත් ඔහුගේ නීතීඥයන් විසින් වික්ටෝරියා අධිකරණයක් හමුවේ අභියාචනයක් ගොණුකල අතර එහි අවසන් තීන්දුව ලබාදීම අද තෙක් කල් දැමුණා.

මේ වනවිට ඔහු මෙල්බන් නුවර රැඳවුම් හෝටලයකයි රැඳී සිටින්නේ.

කිසියම් අයුරකින් පිටුවහල් කිරීමේ නියෝගයක් ලදහොත් වසර 03 ක් යනතුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමද ජොකොවික් ට තහනම් වනු ඇති.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »