නිව් සවුත් වේල්ස් නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා NSW ගුරු සංගමය, සෞඛ්‍ය හා අධ්‍යාපන නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ඉල්ලා ඇත.
ගතවූ පැය 24 තුළ ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 23,131 ක් හමුවී ඇත.
Omicron ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තාගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත කිරීම වාර්තා කළේය.
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 14,020 ක් සමග කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ.
Rapid antigen පරීක්ෂණ සඳහා GST ඉවත් කරන ලෙස Chemist Warehouse හි අධ්‍යක්ෂ Mario Tascone මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.