Day: January 4, 2022

NSW පාසල් ආරම්භයට පෙර දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන සාකච්ඡාවක් ඉල්ලයි

නිව් සවුත් වේල්ස් නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා NSW ගුරු සංගමය, සෞඛ්‍ය හා අධ්‍යාපන නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ඉල්ලා ඇත. ගතවූ පැය 24 තුළ ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 23,131 ක් හමුවී ඇත. Omicron ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තාගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත කිරීම වාර්තා කළේය. ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 14,020 ක් සමග කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ. Rapid

Read More »

රැපිඩ් කට්ටල නොසිතූ විරූ අගයන්ගෙන් ඉහළ දමා අලෙවි කිරීම ගැන පරීක්ෂණයක්

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිළ ගණන් නොසිතූ විරූ අගයන්ගෙන් ඉහළ දමා අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පාරිභෝගිකයන් විශාල පිරිසක් කල පැමිණිලි සැළකිල්ලට ගෙනයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. අධික මිළ ගණන් ගෙවා හෝ රැපිඩ් කට්ටල මිළදී ගැනීමට නොමැතිවීමද ප්‍රධාන චෝදනාවක්. නිෂ්පාදකයන් – අතරුමැදියන් – ෆාමසි – අලෙවි සැල් යනාදී සියලු පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කරගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම කියාසිටියා. සැපයුම්කරුවන්ට මිළක් නියම කල හැකි නමුත් අලෙවිකරුවන්ට මිළ තීරණය

Read More »

eBay වෙබ් අඩවියෙන් ලෙස ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ ජාවාරමක්

eBay වෙබ් අඩවියෙන් ලැබෙන ප්‍රවර්ධන පණිවුඩ (Promotion messages) ලෙස ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ ජාවාරමක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා. eBay ආයතනයේ රැකියාවක් සඳහා අයදුම් කිරීමට බව දැක්වෙන පණිවුඩයක් සහ Link එකක් මෙලෙස ලැබෙන අතර එමගින් පුද්ගලික දත්ත සොරා ගැනීමක් සිදුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. එබැවින් කිසියම් අයුරකින් පහත දැක්වෙන පරිදි කෙටි පණිවුඩයක් ලදහොත් link එක click කිරීමෙන් වළකින ලෙස දැනුම්දීමක් සිදු කෙරෙනවා. පසුගිය වසරේදී මෙවැනි ව්‍යාජ රැකියා ජාවාරම් හමුවේ ඔස්ටේ්‍රලියානුවන්ට අහිමිවූ මුදල ඩොලර් මිලියන 2.5 ක්

Read More »

එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන තවත් කොවිඩ් ප්‍රභේදයක්

එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන තවත් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ප්‍රංශයෙන් වාර්තා වී තිබෙනවා. බී. 1. 640.2 හෙවත් අයි එච් යූ ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය පළමුවෙන් එරටින් සටහන් වී තිබුණේ පසුගිය මාසයේදීයි. කෙසේවෙතත් මේ වනවිට එම ප්‍රභේදය ආසාධිතයන් විශාල සංඛ්‍යාවක් ප්‍රංශයේ මාර්සේල් ඇතුලු නගර කිහිපයකින් ම හමුවී තිබෙනවා. දැනට මෙම ප්‍රභේදයේ විකෘතීන් 46 ක් හඳුනාගෙන ඇති බවයි ප්‍රංශ විද්‍යාඥයන් කියාසිටියේ. කෙසේවෙතත් මෙම නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව සීඝ්‍ර ව්‍යාප්තියක නොමැති බවටද වාර්තා පළවනවා.

Read More »