eBay වෙබ් අඩවියෙන් ලැබෙන ප්‍රවර්ධන පණිවුඩ (Promotion messages) ලෙස ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ ජාවාරමක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.
eBay ආයතනයේ රැකියාවක් සඳහා අයදුම් කිරීමට බව දැක්වෙන පණිවුඩයක් සහ Link එකක් මෙලෙස ලැබෙන අතර එමගින් පුද්ගලික දත්ත සොරා ගැනීමක් සිදුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.
එබැවින් කිසියම් අයුරකින් පහත දැක්වෙන පරිදි කෙටි පණිවුඩයක් ලදහොත් link එක click කිරීමෙන් වළකින ලෙස දැනුම්දීමක් සිදු කෙරෙනවා.
පසුගිය වසරේදී මෙවැනි ව්‍යාජ රැකියා ජාවාරම් හමුවේ ඔස්ටේ්‍රලියානුවන්ට අහිමිවූ මුදල ඩොලර් මිලියන 2.5 ක් පමණ වනවා.