එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන තවත් කොවිඩ් ප්‍රභේදයක්

එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන තවත් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ප්‍රංශයෙන් වාර්තා වී තිබෙනවා.

බී. 1. 640.2 හෙවත් අයි එච් යූ ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය පළමුවෙන් එරටින් සටහන් වී තිබුණේ පසුගිය මාසයේදීයි.

කෙසේවෙතත් මේ වනවිට එම ප්‍රභේදය ආසාධිතයන් විශාල සංඛ්‍යාවක් ප්‍රංශයේ මාර්සේල් ඇතුලු නගර කිහිපයකින් ම හමුවී තිබෙනවා.

දැනට මෙම ප්‍රභේදයේ විකෘතීන් 46 ක් හඳුනාගෙන ඇති බවයි ප්‍රංශ විද්‍යාඥයන් කියාසිටියේ.

කෙසේවෙතත් මෙම නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව සීඝ්‍ර ව්‍යාප්තියක නොමැති බවටද වාර්තා පළවනවා.

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »