Day: January 4, 2022

BREAKING: සුසිල් ප්‍රේමජයන්ත ඇමති ධුරයෙන් ඉවතට

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරි ඇති ව්‍යවස්ථාපිත බලතල අනුවයි එම ඉවත් කිරිම කර ඇත්තේ. සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පසුගිය දිනවල රජයට දැඩි විවේචන එල්ල කළා.

Read More »

TikTok ආරාවුලක් දුරදිග ගිහින් ලංකාවේ 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධ ආරාවුලක් දුරදිගයාමෙන් ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය පටුමගේදී 17 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ දහවල් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කලේ. අදාළ තරුණයා තවත් මිතුරන් දෙදෙනෙකු සමග මාදම්පිටිය මාර්ගයෙන් හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට ගමන් කරන විට ඔවුන් පසුපසින් පැමිණි මරණකරු හඳුනන වෙනත් පිරිසක් සමග මෙම ආරාවුල හටගෙන තිබෙනවා. එහිදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය සඳහන්

Read More »

වික්ටෝරියාවාසීන්ට සුභ ආරංචියක් – රැපිඩ් කට්ටල මිලියන 34 ක් නොමිළයේ බෙදයි

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 34 ක් නොමිළයේ බෙදා හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඒවා ලබාදීම සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි. රෝග ලක්ෂණ නොමැති කිසිවෙකුත් පී සී ආර් පරීක්ෂණ වෙත යොමු නොවිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ. එවැනි පුද්ගලයන් රැපිඩ් පරීක්ෂණයක් සිදුකර ගැනීම ප්‍රමාණවත් බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා. පසුගියදා අගමැති ස්කොට් මොරිසන් කියාසිටියේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීමය මෙම අවස්ථාවේ සැලසුමක් නොමැති බවයි.

Read More »

වික්ටෝරියා කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන 54 ක් තාවකාලිකව වසා දැමේ

වික්ටෝරියා ප්‍රාන්තයේ පවත්වාගෙන ගිය කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන 54 ක් අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. එම ස්ථානවල සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රථිඵල රැසක් තවමත් නිකුත් කර නොතිබීම හමුවේ දැඩි ප්‍රමාදයක් හටගෙන තිබීමයි ඊට හේතුව වන්නේ. ඉදිරි දින කිහිපය තුළ 24 පැය පුරා ක්‍රියාත්මකවී එම ප්‍රථීඵල සියල්ල නිකුත් කිරීමෙන් පසු නැවතත් නව පරීක්ෂණ ආරම්භ කරන බවයි වික්ටෝරියා කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ. ඔමික්‍රොන් ප්‍රභේදයත් සමග වික්ටෝරියා ප්‍රාන්තය නැවතත් අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවද ඔහු සඳහන් කලා.

Read More »

මෙල්බන් රෝහල් රැසක් කොවිඩ් රෝගීන්ගෙන් පිරේ – හදිසි රෝගී තත්වයකදි හැර පැමිණිමෙන් වළකින්නැයි උපදෙස්

හදිසි අවශ්‍යතා සහිත රෝගාබාධවලින් පෙළීමකදී හැර අන් රෝග තත්වයකදී පැමිණිමෙන් වළකින ලෙස මෙල්බන් නුවර ප්‍රධාන රෝහල් රැසක් ජනතාවට විශේෂ දැනුම්දීමක් කර සිටිනවා. ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළගොස් තිබීමත් සමග රෝහල් ධාරිතාවය ඉක්මවා යාමට ආසන්නව පැවතීමයි ඊට හේතුව වන්නේ. කොවිඩ් රෝග ලක්ෂණ ඇති නම් – පී සී ආර් හෝ රැපිඩ් පරීක්ෂණයක් වෙනුවෙන් රෝහලට පැමිණීමෙන් වළකින ලෙසටත් ඉල්ලීමක් කෙරෙනවා. සෞඛ්‍ය සේවකයන් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කරගැනීම ද මෙහි ප්‍රධාන අරමුණක් වනවා. මේ අතර ඇතැම්

Read More »