TikTok ආරාවුලක් දුරදිග ගිහින් ලංකාවේ 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධ ආරාවුලක් දුරදිගයාමෙන් ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය පටුමගේදී 17 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ දහවල් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

අදාළ තරුණයා තවත් මිතුරන් දෙදෙනෙකු සමග මාදම්පිටිය මාර්ගයෙන් හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට ගමන් කරන විට ඔවුන් පසුපසින් පැමිණි මරණකරු හඳුනන වෙනත් පිරිසක් සමග මෙම ආරාවුල හටගෙන තිබෙනවා.

එහිදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කලා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු වන අතර මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »