මෙල්බන් රෝහල් රැසක් කොවිඩ් රෝගීන්ගෙන් පිරේ – හදිසි රෝගී තත්වයකදි හැර පැමිණිමෙන් වළකින්නැයි උපදෙස්

හදිසි අවශ්‍යතා සහිත රෝගාබාධවලින් පෙළීමකදී හැර අන් රෝග තත්වයකදී පැමිණිමෙන් වළකින ලෙස මෙල්බන් නුවර ප්‍රධාන රෝහල් රැසක් ජනතාවට විශේෂ දැනුම්දීමක් කර සිටිනවා.

ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළගොස් තිබීමත් සමග රෝහල් ධාරිතාවය ඉක්මවා යාමට ආසන්නව පැවතීමයි ඊට හේතුව වන්නේ.

කොවිඩ් රෝග ලක්ෂණ ඇති නම් – පී සී ආර් හෝ රැපිඩ් පරීක්ෂණයක් වෙනුවෙන් රෝහලට පැමිණීමෙන් වළකින ලෙසටත් ඉල්ලීමක් කෙරෙනවා.

සෞඛ්‍ය සේවකයන් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කරගැනීම ද මෙහි ප්‍රධාන අරමුණක් වනවා.

මේ අතර ඇතැම් පරීක්ෂණ හා රෝහල් මගින් සපයන සේවාවල ද ප්‍රමාදයන් ඇතිවිය හැකි බවටත් වික්ටෝරියා සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටිනවා.

https://www.9news.com.au/national/coronavirus-update-victoria-melbourne-hospitals-urge-patients-to-stay-away-unless-in-an-emergency/156ece18-05f6-4d62-bb78-e67b07ad0fe3

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »