වික්ටෝරියා කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන 54 ක් තාවකාලිකව වසා දැමේ

වික්ටෝරියා ප්‍රාන්තයේ පවත්වාගෙන ගිය කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන 54 ක් අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම ස්ථානවල සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රථිඵල රැසක් තවමත් නිකුත් කර නොතිබීම හමුවේ දැඩි ප්‍රමාදයක් හටගෙන තිබීමයි ඊට හේතුව වන්නේ.

ඉදිරි දින කිහිපය තුළ 24 පැය පුරා ක්‍රියාත්මකවී එම ප්‍රථීඵල සියල්ල නිකුත් කිරීමෙන් පසු නැවතත් නව පරීක්ෂණ ආරම්භ කරන බවයි වික්ටෝරියා කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ.

ඔමික්‍රොන් ප්‍රභේදයත් සමග වික්ටෝරියා ප්‍රාන්තය නැවතත් අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවද ඔහු සඳහන් කලා.

ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් සටහන්වූ කොවිඩ් ආසාධිතයන් ගණන 14,020 ක්.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »