රැපිඩ් කට්ටල නොසිතූ විරූ අගයන්ගෙන් ඉහළ දමා අලෙවි කිරීම ගැන පරීක්ෂණයක්

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිළ ගණන් නොසිතූ විරූ අගයන්ගෙන් ඉහළ දමා අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පාරිභෝගිකයන් විශාල පිරිසක් කල පැමිණිලි සැළකිල්ලට ගෙනයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

අධික මිළ ගණන් ගෙවා හෝ රැපිඩ් කට්ටල මිළදී ගැනීමට නොමැතිවීමද ප්‍රධාන චෝදනාවක්.

නිෂ්පාදකයන් – අතරුමැදියන් – ෆාමසි – අලෙවි සැල් යනාදී සියලු පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කරගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම කියාසිටියා.

සැපයුම්කරුවන්ට මිළක් නියම කල හැකි නමුත් අලෙවිකරුවන්ට මිළ තීරණය කල නොහැකි බවයි ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම අවධාරණය කරන්නේ.

ඔස්ටේ්‍රලියාව පුරා ඩොලර් 20 ත් 60 ත් අතර අගයන්ගෙන් මේ දිනවල රැපිඩ් කට්ටල අලෙවි කරමින් පවතිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »