Boxing දින ඔස්ටේ‍රලියානුවන් වාර්තාගත ඔන්ලයින් මිළදී ගැනීම් සිදුකරනු ඇති බවට අනාවැකි

අදට යෙදී ඇති Boxing දිනයේදී ඔස්ටේ‍රලියානුවන් වාර්තාගත ලෙස ඔන්ලයින් මිළදී ගැනීම් සිදුකරනු ඇති බවට අනාවැකි පළවෙයි.

Commonwealth බැංකුවේ පුරෝකථනයට අනුව ඩොලර් බිලියන 04 ක පමණ මිළදී ගැනීම් අද දිනයේදී සිදුකරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එය පසුගිය වසර හා සැසඳීමේදී සැළකිය යුතු ඉහළයාමක්ද වනවා.

Boxing දිනයේදී ඇතැම් භාණ්ඩවල මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කර තිබීම නිසා වෙළඳසැල් වෙත ගොස් මිළදී ගැනීම් පසුගිය වසර ගණනාවක සිට දක්නට ලැබෙනවා.

එහෙත් පවතින කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විශාල පිරිසක් වෙළඳසැල් වෙත නොගොස් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිළදී ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඒ අනුව සාමාන්‍යයෙන් අද දිනයේදී එක් ඔස්ටේ්‍රලියානුවෙකු වියදම් කරනු ඇතැයි අපේක්ෂිත මුදල ඩොලර් 557 ක්.

වැඩිම අලෙවියක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ ඇඳුම් වන අතර විද්‍යුත් උපකරණ සඳහාද ඉහළ ඉල්ලුමක් පවතිනු ඇති බව සඳහන්.

https://7news.com.au/lifestyle/shopping/the-eye-watering-amount-aussies-are-expected-to-spend-on-boxing-day-c-5057736

PIC Credit: AAP

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »