Day: December 26, 2021

Guide Dogs ප්‍රවාහන වෑන් 06 ක් මෙල්බන් නගරයේදී සොරකම් කරයි

මග පෙන්වන සුනඛයන් (Guide Dogs) ප්‍රවාහනය කිරීම සඳහා යොදාගන්නා වෑන් රථ 06 ක් මෙල්බන් නගරයේදී සොරකම් කර තිබෙනවා. කෙසේවෙතත් එම අවස්ථාවේදී සුනඛයන් එම රථ තුළ සිට නොමැති බවයි වාර්තා වන්නේ. Guide Dogs Victoria ආයතනයට මෙම වෑන් රථ අයත්ව තිබුණා. අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සුනඛයන් ලබාදීම සඳහා යොදාගෙන තිබුණේ මෙම වෑන් රථයි. ඒවා නොමැතිවීම හමුවේ ලබන වසරේදී සිට කටයුතු අඩාලවීමේ හැකියාවක් පවතින බවයි Guide Dogs Victoria පවසන්නේ. https://www.7news.com.au/news/crime/guide-dog-vans-stolen-in-melbourne-theft-c-5088028

Read More »

සිඩ්නි රෝහලක දැවැන්ත අත්වැරදීමක් – කොවිඩ් Positive 400 කට Negative වාර්තා දෙයි

සිඩ්නි නුවර රෝහලකදී කොවිඩ් පරීක්ෂණ සඳහා පැමිණි ආසාධිතවූවන් (Positive) විශාල පිරිසකට සෘණාත්මක (Negative) බව දැක්වෙන වාර්තා නිකුත් කිරීමේ පුවතක් වාර්තා වනවා. 400 කට වැඩි පිරිසකට මෙලෙස වැරදි වාර්තා නිකුත් කර ඇති බව සඳහන්. සිඩ්නි නුවර St Vincent’s රෝහලේදීයි මෙම මහා පරිමාණ අත්වැරදීම සිදුවී ඇත්තේ. සිදුවූ වැරදීම තහවුරු කරගත් වහා බළධාරීන් විසින් අද පෙරවරුවේ අදාළ ආසාධිතයන් අමතා වහා නිරෝධායනය වන ලෙස දන්වා තිබෙනවා. එමෙන්ම ඔවුන් ගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මකයි. https://www.7news.com.au/lifestyle/health-wellbeing/st-vincents-hospital-sydney-facing-emergency-response-after-telling-hundreds-of-covid-positive-sydneysiders-they-were-negative-c-5089272 PIC – DAILY TELEGRAPH

Read More »

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ නව කොවිඩ් මර්දන රෙගුලාසි මාලාවක්

කොවිඩ් ආසාධිතයන් 774 දෙනෙකු වාර්තාවීමත් සමග දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ නව කොවිඩ් මර්දන රෙගුලාසි මාලාවක් පණවා තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ඒවා බලාත්මක වන බව ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් පැවසුවේය. මේ අනුව ගෘහස්ථ hospitality කටයුතු සඳහා වර්ග මීටර 04 ප්‍රමාණයට එක් පාරිභෝගිකයෙකු පමණක් තබා ගත හැකි වනවා. බාහිර hospitality කටයුතු සඳහා වර්ග මීටර 02 කට එක් අයෙකු තබා ගත හැකිය. ශරීර සුවතා මධ්‍යස්ථාන (Gym) සඳහා වර්ග මීටර 07 ක වපසරිය තුළ එක් අයෙකු පමණක් තබා ගත හැකි

Read More »