Day: December 26, 2021

හිතුමතේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත එන්න එපා – නිවු සවුත් වේල්ස් ජනතාවට දැනුම්දීමක්

කොවිඩ් රෝග ලක්ෂණ ඇතිනම් පමණක් කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් ජනතාවට දන්වා සිටිනවා. බොහෝ පිරිසක් පරීක්ෂණ සඳහා පැමිණීම හමුවේ දිගු පෝලිම් නිර්මාණය වී තිබීමයි ඊට හේතුව වන්නේ. එමෙන්ම වෙනත් ප්‍රාන්තයකට ගමන් කිරීමට අපේක්ෂාවක් නොමැති නම් එවැනි පිරිස්ද කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත නොපැමිණිය යුතු බවයි ප්‍රාන්ත අගමැතිවරයා විසින් දන්වා සිටින්නේ. ඥාතී නිවසක් වැනි ස්ථානයකට යාමට අපේක්ෂාවෙන් සිටී නම් පී සී ආර් පරීක්ෂණයකට පැමිණිමෙන් තොරව නිවසේදීම රැපිඩ් පරීක්ෂණයක් පමණක් සිදුකරගැනීම ප්‍රමාණවත් බව නිවු

Read More »

මෙල්බන් මාර්ග ගණනාවක නඩත්තු – සැළකිය යුතු ප්‍රමාදයන්

නිවාඩු ගත කිරීම සඳහා මෙල්බන් නගරයෙන් පිටතට යන පුද්ගලයන්ට සැළකිය යුතු ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවට දැනුම්දීමක් සිදුකෙරෙනවා. ඒ West Gate freeway, Citylink tollway & Monash freeway ඇතුලු ප්‍රධාන මාර්ග ගණනාවක නඩත්තු කටයුතු සිදුකිරීම හේතුවෙන්. මෙම මාර්ගවල පැයකට ආසන්න ප්‍රමාදයන් පැවතිය හැකි බවයි ප්‍රවාහන අංශ දන්වා සිටින්නේ. West Gate Bridge ආසන්නයේදී මංතීරු 05 න් 03 ක්ම වසා දමා තිබෙනවා. මීට අමතරව Geelong Road සහ M80 Ring Road හි නඩත්තු කටයුතු ජනවාරි 11 වනදා සිට ආරම්භවීමට

Read More »

ඊයේ ආසාධිතයන් : නිවු සවුත් වේල්ස් 6,394 / වික්ටෝරියා 1608

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1608 ක් හමුව ඇත. මරණ 02 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,392 කි. ඊයේ දිනයේදී (25) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 72,519 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා — ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (25) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 6,394 ක් වාර්තා වි තිබේ. දැනට 458 දෙනෙකු

Read More »

වසර 30 ක් පුරා චොකලට් රස බලනවාට පඩි ගෙවන කැඩ්බරි සේවිකාව

නිපදවන චොකලට් වල රස බැලීම සිය රැකියාව වන කැඩ්බරි සමාගමේ සේවිකාවක පිළිබඳ අපූරු පුවතක් වාර්තා වනවා. Helen Ainsworth නම් ඇය මීට වසර 30 කට පෙර කැඩ්බරි – ඔස්ටේ්‍රලියා සමාගමේ සේවයට බැඳී තිබුණා. මේ වනවිට ඇයගේ වෘත්තිය වන්නේ පර්යේෂණ හා සංවර්ධන කළමණාකාරීනි තනතුරයි. කැඩ්බරි සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන නව රසයන්ගෙන් යුත් චොකලට්වල රස – ගුණ පරීක්ෂා කර නිවැරදි තත්ව සහතික ලබාදීමයි ඇයගේ ප්‍රධාන වගකීම වන්නේ. Helen Ainsworth ට අනුව ලොව හොඳම රැකියාව ලෙස ඇය මෙය හඳුන්වා දෙන

Read More »

Boxing දින ඔස්ටේ‍රලියානුවන් වාර්තාගත ඔන්ලයින් මිළදී ගැනීම් සිදුකරනු ඇති බවට අනාවැකි

අදට යෙදී ඇති Boxing දිනයේදී ඔස්ටේ‍රලියානුවන් වාර්තාගත ලෙස ඔන්ලයින් මිළදී ගැනීම් සිදුකරනු ඇති බවට අනාවැකි පළවෙයි. Commonwealth බැංකුවේ පුරෝකථනයට අනුව ඩොලර් බිලියන 04 ක පමණ මිළදී ගැනීම් අද දිනයේදී සිදුකරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. එය පසුගිය වසර හා සැසඳීමේදී සැළකිය යුතු ඉහළයාමක්ද වනවා. Boxing දිනයේදී ඇතැම් භාණ්ඩවල මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කර තිබීම නිසා වෙළඳසැල් වෙත ගොස් මිළදී ගැනීම් පසුගිය වසර ගණනාවක සිට දක්නට ලැබෙනවා. එහෙත් පවතින කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විශාල පිරිසක්

Read More »