හිතුමතේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත එන්න එපා – නිවු සවුත් වේල්ස් ජනතාවට දැනුම්දීමක්

කොවිඩ් රෝග ලක්ෂණ ඇතිනම් පමණක් කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් ජනතාවට දන්වා සිටිනවා.

බොහෝ පිරිසක් පරීක්ෂණ සඳහා පැමිණීම හමුවේ දිගු පෝලිම් නිර්මාණය වී තිබීමයි ඊට හේතුව වන්නේ.

එමෙන්ම වෙනත් ප්‍රාන්තයකට ගමන් කිරීමට අපේක්ෂාවක් නොමැති නම් එවැනි පිරිස්ද කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත නොපැමිණිය යුතු බවයි ප්‍රාන්ත අගමැතිවරයා විසින් දන්වා සිටින්නේ.

ඥාතී නිවසක් වැනි ස්ථානයකට යාමට අපේක්ෂාවෙන් සිටී නම් පී සී ආර් පරීක්ෂණයකට පැමිණිමෙන් තොරව නිවසේදීම රැපිඩ් පරීක්ෂණයක් පමණක් සිදුකරගැනීම ප්‍රමාණවත් බව නිවු සවුත් වේල්ස් බළධාරීන් සඳහන් කරනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (25) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 6,394 ක් වාර්තා වි තිබේ.

දැනට 458 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 52 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 00 ක් වාර්තා විය​.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 651 කි.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 109,545 ක් සිදු කර ඇත.

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »