වසර 30 ක් පුරා චොකලට් රස බලනවාට පඩි ගෙවන කැඩ්බරි සේවිකාව

නිපදවන චොකලට් වල රස බැලීම සිය රැකියාව වන කැඩ්බරි සමාගමේ සේවිකාවක පිළිබඳ අපූරු පුවතක් වාර්තා වනවා.

Helen Ainsworth නම් ඇය මීට වසර 30 කට පෙර කැඩ්බරි – ඔස්ටේ්‍රලියා සමාගමේ සේවයට බැඳී තිබුණා.

මේ වනවිට ඇයගේ වෘත්තිය වන්නේ පර්යේෂණ හා සංවර්ධන කළමණාකාරීනි තනතුරයි.

කැඩ්බරි සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන නව රසයන්ගෙන් යුත් චොකලට්වල රස – ගුණ පරීක්ෂා කර නිවැරදි තත්ව සහතික ලබාදීමයි ඇයගේ ප්‍රධාන වගකීම වන්නේ.

Helen Ainsworth ට අනුව ලොව හොඳම රැකියාව ලෙස ඇය මෙය හඳුන්වා දෙන අතර නිරතුරුවම නිවසේදීත් කාර්යාලයේදීත් චොකලට් රස බැලීම කිසිවිටක එපා නොවුණු රාජකාරියක් බව ඇය පෙන්වා දෙනවා.

එමෙන්ම කැඩ්බරි ඔස්ටේ්‍රලියා සමාගම වෙනුවෙන් තමන් විසින්ම හඳුන්වා දෙන ලද රසයන් කිහිපයක්ම වන බවද Helen Ainsworth ප්‍රකාශ කරනවා.

ඇතැම්විට එකම නිෂ්පාදනය කිහිප විටක්ම රස බැලීමට ලැබීම සමහර අවස්ථාවලදී තරමක දුෂ්කර කාර්යයක් වුවද අද වනවිට තමන් ඊට පුරුදු වී ඇති බවයි ඇය පවසා සිටින්නේ.

https://7news.com.au/lifestyle/human-interest/7news-real-life-podcast-the-australian-woman-whos-been-working-with-cadbury-chocolate-for-30-years-c-5017368

PIC – 7NEWS

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »