දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ නව කොවිඩ් මර්දන රෙගුලාසි මාලාවක්

කොවිඩ් ආසාධිතයන් 774 දෙනෙකු වාර්තාවීමත් සමග දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ නව කොවිඩ් මර්දන රෙගුලාසි මාලාවක් පණවා තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඒවා බලාත්මක වන බව ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් පැවසුවේය.

මේ අනුව ගෘහස්ථ hospitality කටයුතු සඳහා වර්ග මීටර 04 ප්‍රමාණයට එක් පාරිභෝගිකයෙකු පමණක් තබා ගත හැකි වනවා.

බාහිර hospitality කටයුතු සඳහා වර්ග මීටර 02 කට එක් අයෙකු තබා ගත හැකිය.

ශරීර සුවතා මධ්‍යස්ථාන (Gym) සඳහා වර්ග මීටර 07 ක වපසරිය තුළ එක් අයෙකු පමණක් තබා ගත හැකි වනවා.

පවුලේ හමුවීම් (Family gatherings) සඳහා මෙතෙක් අවසර දී තිබූ 30 ක ප්‍රමාණය 10 දක්වා අඩු කෙරේ.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට ඇතුලුවීම සඳහා පූර්ව පී සී ආර් පරීක්ෂණයක් අවශ්‍ය නොවන අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් පමණක් සිදුකර ගැනීම ප්‍රමාණවත් වනු ඇති.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/new-covid-restrictions-across-south-australia-as-cases-soar-to-record-high-c-5088138

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »