ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

නොමිලේ කුලී රහිත නිවසක්, සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ඩොලර් 450,000ක වැටුපක් මෙම රැකියාවට සුදුසුකම් ලබන වෛද්‍යවරයාට හිමි වනු ඇති.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සපයන ආයතනය විසින් නගරබද ප්‍රදේශවලින් වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීමට මෙලෙස නිර්මාණශීලී සහ ත්‍යාගශීලී දැන්වීම් පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

සාර්ථක අයදුම්කරුට නිදන කාමර පහක කුලී රහිත නිවසක් සහ මෙන්ම මෝටර් රථයක් හිමි වන අතර ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය ප්‍රදේශයේ සැබෑ සුවය අත්විඳිමින් දර්ශනීය ස්ථානයක කුලි නොගෙවා ජීවත් වන ලෙසට එම දැන්වීමේ සඳහන් කර තිබෙනවා.

අයදුම්කරුවන් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය වෛද්‍ය නියාමක ඒජන්සියේ ලියාපදිංචි විය යුතු අතර ග්‍රාමීය සෞඛ්‍ය නිලධාරියෙකු ලෙසට පුහුණුවීමට ද කැමති විය යුතුයි.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයේ වාර්තාවන්ට අනුව නගරවල ජිවත් වන ජනතාව හා සැසඳීමේදී ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ගේ රෝහල්ගතවීම්, මරණ සහ තුවාල වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතිනවා.

ඔවුන්ට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය ද පවතින්නේ දුර්වල මට්ටමකයි.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »