Search

ඔස්ට්‍රේලියා ජාතිකයෙකු බාලිහිදී අත්අඩංගුවට

මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු බාලිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ට්‍රෝයි ස්මිත් නම් මෙම පුද්ගලයා ඉන්දුනීසියානු පොලිසිය විසින් පසුගිය අප්‍රේල් 30 වනදා බාලිහි හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ඉන්දුනීසියානු පොලිසිය චෝදනා කරන්නේ ඒ වන විට ඔහු සතුව මෙතම්ෆෙටමින් ග්‍රෑම් 3.15ක් තිබූ බවයි.

බාලි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ සැකකරුගේ ඉල්ලීම මත ඔස්ට්‍රේලියාවේ සිට මෙම මත්ද්‍රව්‍ය එවා ඇති බවයි.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරද සඳහා ඉන්දුනීසියාවේ උපරිම දඬුවම වසර 12ක සිරදඬුවමක් සහ ඩොලර් ලක්ෂ 8ක දඩයක් වනවා.

මේ අතර නොර්තන් ටෙරිටරි හිදී පොලිසියෙන් පලා ගිය සිරකරුවා ඩාවින්හි දී සොයා ගෙන තිබෙනවා.

ප්‍රාන්ත පොලිසිය පැවසුවේ අඟහරුවාදා පස්වරු 2 ට පමණ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිට අවුරුදු 18, 23 සහ 29 යන වයස්වල තරුණයන් තිදෙනෙකු පලා ගිය බවයි.

ඉන් දෙදෙනෙකු එස්ප්ලැනේඩ් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබු අතර පොලිසිය පැය 48ක පමණ කාලයක් සිදු කළ ලුහුබැඳීමකින් පසුවයි අනෙක් සැකකරු සොයා ගැනුණේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »