Search

වසර 122 කට පසු ඔස්ටේ්‍රලියාවේ වැඩිම වර්ෂාපතනය සහිත නොවැම්බර් මාසය මෙම වසරේ

වසර 122 කට පසු ඔස්ටේ්‍රලියාවේ සටහන්වූ වැඩිම වර්ෂාපතනය සහිත නොවැම්බර් මාසය මෙම වසරේදී වාර්තා වී තිබෙනවා.

සාමාන්‍ය නොවැම්බර් මාසයකදී ලැබෙන වර්ෂපාතනය මෙන් දෙගුණයක් මෙවර ලැබී ඇති බවයි කාළගුණ අංශ පෙන්වා දෙන්නේ.

මෙවර ග්‍රීෂ්ම සෘතුව උෂ්ණාධික බවින් අඩුවනු ඇතැයිද අධික වර්ෂාපතනයන් සහ සිසිල් කාළගුණයකින් සමන්විත වනු ඇති බවටද අනාවැකි පළවනවා.

මීට හේතුවී ඇත්තේ ඔස්ටේ්‍රලියාවට දැනට බලපා ඇති ලා නිනා නම් දේශගුණ විපර්යාස තත්වයයි.

ඊයේ දිනයේදී පැවති ධාරාණිපාත වර්ෂා කාළගුණය හමුවේ මෙල්බන් නගරයේ මාර්ග ගණනාවක් ජලයෙන් යටවී තිබුණා.

https://www.9news.com.au/national/australia-weather-australia-records-wettest-november-in-122-years-more-rain-to-come-in-summer/4f2d7ce6-5547-4949-b947-b9aaf51e4271