Search

ක්‍රිප්ටොකරන්සි කමිටුවේ අතුරු වාර්තාවට කැබිනට් අනුමැතිය

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එහිදී කමිටුවට සහාය වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලබන තවත් තාක්ෂණික වෘත්තිකයන් දෙදෙනෙකු සාමාජිකයින් වශයෙන් පත් කිරීමට සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.

අදාළ නීතිරීති පිළිබඳව සොයා බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ කමිටුව පත් කිරීම සඳහා අනුමැතිය ලබා දෙනු ලැබීය.

ඒ 2021 ඔක්තෝබර් මස 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

ඒ අනුව, සුජීව මුදලිගේ ගේ සභාපතිත්වය යටතේ සාමාජිකයින් 8 දෙනෙකුගෙන් කමිටුවේ අවසන් වාර්තාව 2022 ජුනි මස 30 දින වන විට ඉදිරිපත් කිරීමටද එහිදී එකඟ වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »