නොවැම්බර් 27 න් පසු මෙල්බර්න් නුවර රෑටත් ලිපි හා පාර්සල් බෙදයි

ඉදිරි සති කිහිපයේදී රාජකාරි කාල සීමාවන් දීර්ඝ කිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

නත්තල් සමයට පෙර සියලු පාර්සල් හා ලිපි බෙදාහැර අවසන් කිරීමයි එහි අරමුණ වන්නේ.

සෑම සතියකම Australia Post විසින් බෙදා හරින පාර්සල් ප්‍රමාණය මිලියන 10 ක් පමණ වන නමුත් මෙවර නත්තල් මාසයේදී එය සතියකට මිලියන 52 ක් වැනි ඉහළ අගයක් ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ටේ්‍රලියානුවන් අති බහුතරයක් ඔන්ලයින් ක්‍රමයට මිළදී ගැනීම් සිදුකිරීම ඉහළ යාම මීට ප්‍රධාන හේතුවයි.

මේ අතර නොවැම්බර් 27 වනදායින් පසු මෙල්බර්න් සහ පර්ත් නගරවල සන්ධ්‍යා කාලයේදීත් ලිපි හා පාර්සල් බෙදා හැරීමට Australia Post තීරණය කර තිබෙනවා.

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »