උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාව තෝරා ගන්නා සිසුන් කැපී පෙනෙන ලෙස පහළට

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාව තෝරා ගන්නා සිසුන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

IDP Connect විසින් සිදුකල සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ අමෙරිකාව – කැනඩාව සහ මහා බි්‍රතාන්‍යය කෙරෙහි යොමුවන ශිෂ්‍ය සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

උසස් අධ්‍යාපනය අවසන් කලද ස්ථිර පදිංචියට සුදුසු රැකියාවක් සොයා ගැනීමට අසීරුවීමයි මීට මුලික හේතුව වී ඇත්තේ.

විශේෂයෙන් ඉන්දියාව ඇතුලු ආසියානු රටවල් රැසක ශිෂ්‍යයන් අධ්‍යාපනය අවසන් කර ඔස්ටේ්‍රලියාවෙන් බැහැර වෙනත් රටවල් කරා යන ආකාරයක් දක්නට ලැබෙන බවද මෙහිදී හෙළිවි තිබෙනවා.

මීට වසර 02 කට පෙර ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 17 ක් ඔස්ටේ්‍රලියාව තෝරාගෙන තිබූ නමුත් මේ වනවිට එය සියයට 12 දක්වා අඩුවී තිබෙනවා.

ඉන්දියාවෙන් උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට ගිය සිසුන්ගෙන් සියයට 20 ක් මීට පෙර ඔස්ටේ‍රලියාව තෝරාගෙන තිබූ නමුත් මේ වනවිට එය සියයට 09 ක් දක්වා අඩුවී තිබෙනවා.

කොවිඩ් තත්වය හමුවේ දේශ සීමා තවදුරටත් වසා තැබීම හේතුවෙන්ද ජාත්‍යන්තර සිසුන් ඔස්ටේ්‍රලියාව හැර වෙනත් රටවල් කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි මෙම සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ.

SOURCE : https://www.abc.net.au/news/2021-11-18/australian-international-education-sector-rebound/100628036?utm_medium=social&utm_content=sf251320065&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf251320065=1&fbclid=IwAR1B7HyVcWDuYGPZy0ugOHaGjFW71EWf0YayLgFvxxPaK9Yh_KWrL0mnq8k

PIC – IDP Connect

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »