Day: November 18, 2021

සේවක හිගය මග හරවාලීමට මෙල්බන් අවන්හලක් වේටර්වරියන් ලෙස රොබෝ යන්ත්‍ර යොදා ගනී

සේවක හිගය මග හරවාලීමේ අරමුණින් මෙල්බන් නුවර අවන්හලක් විසින් වේටර්වරියන් ලෙස රොබෝ යන්ත්‍ර යොදාගැනීම ආරම්භ කර තිබෙනවා. මෙල්බන් CBD හි පිහිටා ඇති Dodee Paidang නම් තායි අවන්හලයි මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ. මුලුතැන්ගෙයි සකස් කරන ආහාර සෘජුවම පාරිභෝගිකයා වෙත රැගෙනයාම රොබෝවරුන් විසින් සිදුකරනු ලබනවා. එක් රොබෝ යන්ත්‍රයක් සඳහා දිනකටම අදාළ නිෂ්පාදන සමාගමට ගෙවිය යුතු වන්නේ ඩොලර් 48 ක මුදලක් පමණයි. එහෙත් සේවකයෙකු හෝ සේවිකාවක යොදාගත්තේ නම් එය මුදල පැය 02 ක සේවයක් සඳහා ගෙවිය යුතු බැවින් රොබෝ

Read More »

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාව තෝරා ගන්නා සිසුන් කැපී පෙනෙන ලෙස පහළට

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාව තෝරා ගන්නා සිසුන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. IDP Connect විසින් සිදුකල සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ අමෙරිකාව – කැනඩාව සහ මහා බි්‍රතාන්‍යය කෙරෙහි යොමුවන ශිෂ්‍ය සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි. උසස් අධ්‍යාපනය අවසන් කලද ස්ථිර පදිංචියට සුදුසු රැකියාවක් සොයා ගැනීමට අසීරුවීමයි මීට මුලික හේතුව වී ඇත්තේ. විශේෂයෙන් ඉන්දියාව ඇතුලු ආසියානු රටවල් රැසක ශිෂ්‍යයන් අධ්‍යාපනය අවසන් කර ඔස්ටේ්‍රලියාවෙන් බැහැර වෙනත් රටවල් කරා යන ආකාරයක් දක්නට ලැබෙන බවද මෙහිදී හෙළිවි තිබෙනවා. මීට

Read More »

වසර 600 කට පසු දීර්ඝම චන්ද්‍රග්‍රහණය දැක බලාගැනීමට මෙල්බන්වාසීන්ට හෙට අවස්ථාව

වසර 600 කට පසු දීර්ඝම වේලාවක් පවතින චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමට මෙල්බන්වාසීන්ට හෙට අවස්ථාව උදා වනවා. 15 වන සියවසෙන් පසු වැඩිම වේලාවක් දර්ශනය වන චන්ද්‍ර ග්‍රහණය මෙය වනු ඇති. ඔස්ටේ්‍රලියාවට අමතරව අමෙරිකාව – අප්‍රිකාව – යුරෝපය සහ ආසියාවේ රටවල් රැසකටද එය දර්ශනය වනවා. මෙල්බන් වේලාවෙන් හෙට එනම් සිකුරාදා රාත්‍රී 08.09 සිට රාත්‍රී 11.03 දක්වා මෙම චන්ද්‍ර ග්‍රහණය දිස්වනු ඇති. එහි උච්චතම අවස්ථාව යෙදී ඇත්තේ රාත්‍රී 08.12 ටයි.

Read More »

ක්වීන්ස්ලන්ඩ් සේවක හිගය මගහරවා ගැනීමට ප්‍රසාද දීමනා සහ නොමිළයේ සංචාර

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ උද්ගතව ඇති දරුණු සේවක හිගය මගහරවා ගැනීම සඳහා ප්‍රසාද දීමනා සහ නොමිළයේ සංචාර පිරිනැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වෙනත් ප්‍රාන්තවල සිට පැමිණෙන පුද්ගලයන්ට ඩොලර් 250 ක් වටිනා සංචාරක වවුචරපත් මෙන්ම පදිංචි ස්ථානය වෙනස් කිරීම සඳහා ඩොලර් 1500 ක මුදලක් ලබාදීමට යෝජිතයි. ක්වීන්ස්ලන්ඩ් හි හෝටල් – සංචාරක සමාගම් – අවන්හල් – මත්පැන් හල් ඇතුලු ස්ථාන රැසක රැකියා 4000 ක පමණ දැඩි සේවක හිගයක් නිර්මාණය වී තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී පවතින

Read More »