Day: November 18, 2021

PTE Academic පරීක්ෂණයට වෙනස්කම් කිහිපයක්

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීමේ ප්‍රකට පරීක්ෂණයක් වන PTE Academic පරීක්ෂණයට වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. මේ දක්වා පරීක්ෂණයේ කාලය පැය 03 ක් ලෙස පැවති අතර එය පෙරේදා දිනයේ සිට පැය 02 දක්වා අඩු කර තිබෙනවා. ප්‍රශ්න සංඛ්‍යාවද අඩු කර ඇති අතර මෙතෙක් පැවති ප්‍රශ්න සංඛ්‍යාව 70-82 වූ අතර එය 52-64 දක්වා අඩු කර ඇති බව සඳහන්. පුද්ගලික හඳුන්වාදීම සඳහා පැවති විනාඩියක කාලය එලෙසින්ම පවතිනු ඇති. කථන සහ ලිඛිත පරීක්ෂණය සඳහා පැවති විනාඩි 77 ත් 93 ත්

Read More »

වික්ටෝරියා අගමැතිට එල්ලවූ මරණ තර්ජන ගැන අගමැති මොරිසන්ගේ අප්‍රසාදය

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් අප්‍රසාදය පළකර තිබෙනවා. දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසන නොතිබිය යුතු බවයි අගමැතිවරයා අවධාරණය කලේ. වික්ටෝරියා නව වසංගත පණත් කෙටුම්පතට එරෙහිව ප්‍රාන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත කණ්ඩායම් විසින් ඩැනියල් ඇන්ඩෲස් ට මරණීය තර්ජන එල්ලකර ඇති බවට වාර්තා පළවනවා. විරෝධතාකරුවන්ගේ ගැටලුව තමන් අවබෝධ කරගෙන ඇතත් හිංසනය ඊට පිළියමක් නොවන බවයි අගමැති මොරිසන් ප්‍රකාශ කලේ. මේ අතර වික්ටෝරියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 03 දෙනෙකුටද එල්ලවී ඇති තර්ජන

Read More »

නත්තල් වනවිට ඔස්ටේ්‍රලියාව තුළ අමතර රැකියා 280,000 ක්

දේශ සීමා නීති ලිහිල් කිරීමත් සමග නත්තල් සමය වනවිට ඔස්ටේ්‍රලියාව තුළ අමතර රැකියා 280,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා. ඔස්ටේ‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා උපුටා දක්වමින් අගමැතිවරයා ඉල්ලා සිටියේ එහි ප්‍රතිලාභය අත්කර ගැනීම ඔස්ටේ‍රලියානුවන්ට පැවරෙන බවයි. මෙම රැකියා අතුරින් බහුතරය ආගන්තුක සත්කාර (hospitality) ක්ෂේත්‍රයට සම්බන්ධ ඒවා වනු ඇති. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියා 147,000 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා 123,000 ක්ද ඇතුලුවයි සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා මෙම රැකියා බිහිවීමට නියමිතව ඇත්තේ. කොවිඩ් හමුවේ පහළ

Read More »
breaking

Breaking: අද රෑ සිට වික්ටෝරියා කොවිඩ් නීති රැසක් ඉවතට – මුව ආවරණ භාවිතයටත් නිදහසක්

අද රාත්‍රී 12 සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ලිහිල්වන කොවිඩ් සීමා වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඥාතීන් හෝ හිත මිතුරන් බැලීමට යාම සඳහා මෙතෙක් පැවති උපරිම සීමාවන් ඉවත් වනු ඇති. සිල්ලර වෙළඳසැල් – සෞඛ්‍ය සම්බන්ධ ස්ථාන – පාසල් – පොදු ප්‍රවාහනය ඇතුලු අවස්ථා කිහිපයකදී හැර සියලු ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ. අලු බඳුන ටෙස්ට් තරගාවලිය වැනි ක්‍රීඩා ඉසව් සඳහා උපරිම ධාරිතාවයෙන් පුද්ගලයන්ට සහභාගී විය

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1007 ක් / නිවු සවුත් වේල්ස් 262 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1007 ක් හමුව ඇත. මරණ 12 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,814 කි. ඊයේ දිනයේදී (17) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 72,270 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 6,315 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (17) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 262 ක් වාර්තා වි තිබේ. දැනට 199 දෙනෙකු

Read More »