නත්තල් වනවිට ඔස්ටේ්‍රලියාව තුළ අමතර රැකියා 280,000 ක්

දේශ සීමා නීති ලිහිල් කිරීමත් සමග නත්තල් සමය වනවිට ඔස්ටේ්‍රලියාව තුළ අමතර රැකියා 280,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඔස්ටේ‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා උපුටා දක්වමින් අගමැතිවරයා ඉල්ලා සිටියේ එහි ප්‍රතිලාභය අත්කර ගැනීම ඔස්ටේ‍රලියානුවන්ට පැවරෙන බවයි.

මෙම රැකියා අතුරින් බහුතරය ආගන්තුක සත්කාර (hospitality) ක්ෂේත්‍රයට සම්බන්ධ ඒවා වනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියා 147,000 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා 123,000 ක්ද ඇතුලුවයි සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා මෙම රැකියා බිහිවීමට නියමිතව ඇත්තේ.

කොවිඩ් හමුවේ පහළ ගොස් තිබූ ඔස්ටේ්‍රලියාවේ වැටුප් වර්ධනය නැවතත් යථා තත්වයට පත්වෙමින් ඇති බවයි ඔස්ටේ‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය ඊයේ නිවේදනය කලේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »