Search

Breaking: අද රෑ සිට වික්ටෝරියා කොවිඩ් නීති රැසක් ඉවතට – මුව ආවරණ භාවිතයටත් නිදහසක්

breaking

අද රාත්‍රී 12 සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ලිහිල්වන කොවිඩ් සීමා වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඥාතීන් හෝ හිත මිතුරන් බැලීමට යාම සඳහා මෙතෙක් පැවති උපරිම සීමාවන් ඉවත් වනු ඇති.

සිල්ලර වෙළඳසැල් – සෞඛ්‍ය සම්බන්ධ ස්ථාන – පාසල් – පොදු ප්‍රවාහනය ඇතුලු අවස්ථා කිහිපයකදී හැර සියලු ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

අලු බඳුන ටෙස්ට් තරගාවලිය වැනි ක්‍රීඩා ඉසව් සඳහා උපරිම ධාරිතාවයෙන් පුද්ගලයන්ට සහභාගී විය හැකි වනවා.

කොවිඩ් ආසාධිතයෙකුගේ සමීපතමයෙකු සඳහා මෙතෙක් පැවති හුදකලා කාල සීමාවද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එම තැනැත්තා එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති නම් මෙතෙක් පැවති දින 07 හුදකලා කාලය, සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු පමණක් සීමා කර තිබෙනවා.

සති අන්තය වනවිට පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉලක්කය අභිබවා යනු ඇති බවට පුරෝකථනය කරමිනුයි මෙම ලිහිල් කිරීම සිදුකර ඇත්තේ.

 

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »