PTE Academic පරීක්ෂණයට වෙනස්කම් කිහිපයක්

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීමේ ප්‍රකට පරීක්ෂණයක් වන PTE Academic පරීක්ෂණයට වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.

මේ දක්වා පරීක්ෂණයේ කාලය පැය 03 ක් ලෙස පැවති අතර එය පෙරේදා දිනයේ සිට පැය 02 දක්වා අඩු කර තිබෙනවා.

ප්‍රශ්න සංඛ්‍යාවද අඩු කර ඇති අතර මෙතෙක් පැවති ප්‍රශ්න සංඛ්‍යාව 70-82 වූ අතර එය 52-64 දක්වා අඩු කර ඇති බව සඳහන්.

පුද්ගලික හඳුන්වාදීම සඳහා පැවති විනාඩියක කාලය එලෙසින්ම පවතිනු ඇති.

කථන සහ ලිඛිත පරීක්ෂණය සඳහා පැවති විනාඩි 77 ත් 93 ත් අතර කාලය විනාඩි 54 ත් 67 ත් අතර දක්වා අඩු කර තිබෙනවා.

කියැවීමේ පරීක්ෂණයට පැවති විනාඩි 32 ත් 41 ත් අතර කාලය අඩු කර ඇත්තේ විනාඩි 29 ත් 30 ත් දක්වායි.

විනාඩි 10 ක විවේක කාලය ද ඉවත් කර තිබෙනවා.

ශ්‍රවණ පරීක්ෂණයට මෙතෙක් විනාඩි 45 ත් 57 ත් අතර කාලයක් වෙන්කර තිබූ නමුත් නව සංශෝධනයට යටතේ එය විනාඩි 30 ත් 43 ත් අතර කාලයකට අඩු වනු ඇති.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »