වික්ටෝරියා අගමැතිට එල්ලවූ මරණ තර්ජන ගැන අගමැති මොරිසන්ගේ අප්‍රසාදය

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් අප්‍රසාදය පළකර තිබෙනවා.

දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසන නොතිබිය යුතු බවයි අගමැතිවරයා අවධාරණය කලේ.

වික්ටෝරියා නව වසංගත පණත් කෙටුම්පතට එරෙහිව ප්‍රාන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත කණ්ඩායම් විසින් ඩැනියල් ඇන්ඩෲස් ට මරණීය තර්ජන එල්ලකර ඇති බවට වාර්තා පළවනවා.

විරෝධතාකරුවන්ගේ ගැටලුව තමන් අවබෝධ කරගෙන ඇතත් හිංසනය ඊට පිළියමක් නොවන බවයි අගමැති මොරිසන් ප්‍රකාශ කලේ.

මේ අතර වික්ටෝරියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 03 දෙනෙකුටද එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ප්‍රාන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට 05 වන දිනයටත් අඛණ්ඩව විරෝධතා පැවැත්වෙනවා.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »