සේවක හිගය මග හරවාලීමට මෙල්බන් අවන්හලක් වේටර්වරියන් ලෙස රොබෝ යන්ත්‍ර යොදා ගනී

සේවක හිගය මග හරවාලීමේ අරමුණින් මෙල්බන් නුවර අවන්හලක් විසින් වේටර්වරියන් ලෙස රොබෝ යන්ත්‍ර යොදාගැනීම ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් CBD හි පිහිටා ඇති Dodee Paidang නම් තායි අවන්හලයි මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

මුලුතැන්ගෙයි සකස් කරන ආහාර සෘජුවම පාරිභෝගිකයා වෙත රැගෙනයාම රොබෝවරුන් විසින් සිදුකරනු ලබනවා.

එක් රොබෝ යන්ත්‍රයක් සඳහා දිනකටම අදාළ නිෂ්පාදන සමාගමට ගෙවිය යුතු වන්නේ ඩොලර් 48 ක මුදලක් පමණයි.

එහෙත් සේවකයෙකු හෝ සේවිකාවක යොදාගත්තේ නම් එය මුදල පැය 02 ක සේවයක් සඳහා ගෙවිය යුතු බැවින් රොබෝ යන්ත්‍ර යොදාගැනීම තමන්ට වඩාත් ලාභදායක බව අවන්හල් හිමිකරු පවසනවා.

කාර්යබහුල වේලාවන්හිදී අවන්හලේ කටයුතු කලබලයකින් තොරව පවත්වාගෙන යාම සඳහාද නව වැඩපිළිවෙල ඉවහල්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම සේවක හිගයක් ඇති ක්ෂේත්‍රයක් වන්නේ Hospitality අංශයයි.

PIC – 9 NEWS

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »