ක්වීන්ස්ලන්ඩ් සේවක හිගය මගහරවා ගැනීමට ප්‍රසාද දීමනා සහ නොමිළයේ සංචාර

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ උද්ගතව ඇති දරුණු සේවක හිගය මගහරවා ගැනීම සඳහා ප්‍රසාද දීමනා සහ නොමිළයේ සංචාර පිරිනැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෙනත් ප්‍රාන්තවල සිට පැමිණෙන පුද්ගලයන්ට ඩොලර් 250 ක් වටිනා සංචාරක වවුචරපත් මෙන්ම පදිංචි ස්ථානය වෙනස් කිරීම සඳහා ඩොලර් 1500 ක මුදලක් ලබාදීමට යෝජිතයි.

ක්වීන්ස්ලන්ඩ් හි හෝටල් – සංචාරක සමාගම් – අවන්හල් – මත්පැන් හල් ඇතුලු ස්ථාන රැසක රැකියා 4000 ක පමණ දැඩි සේවක හිගයක් නිර්මාණය වී තිබෙනවා.

පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී පවතින බාධාවන් ඊට හේතුවයි.

ඒ අනුවයි ඔස්ටේ්‍රලියාවේ වෙනත් ප්‍රාන්තවලින් හෝ සේවකයන් ගෙන්වා ගැනීම දිරි ගැන්වීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »