කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ගත් වයස්ගතම ශිෂ්‍යයා ලාංකික කාන්තාවක්

කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම ශිෂ්‍යයා බවට පත්වීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්වී තිබේ.

87 හැවිරිදි වියේ පසුවන වරදා ෂන්මුගනාදන් (Varatha Shanmuganathan) නමැති ඇය දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් වන පශ්චාත් උපාධිය ලබාගෙන ඇත.

වරදා ෂන්මුගනාදන් යාපනයේ වේලනයි ප්‍රදේශයේ උපත ලබා තිබේ.

ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත් ඇය පසුව ඉංග්‍රීසි සහ ඉතිහාසය යන විෂයන් ඉගැන්වීමේ ගුරුවරියක් ලෙස සේවය කර ඇත.

අනතුරුව ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක් ලෙස 1990 වසරේදී එංගලන්තයේ ලන්ඩන් වෙත ගොස් ඇති අතර එහිදී ඇය ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ පළමු පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.

වරදා ෂන්මුගනාදන් 2004 වර්ෂයේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් නොමිලයේ පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වෙන බවට දැනගැනීමෙන් අනතුරුව ඇය එම අධ්‍යයන කටයුතු සඳහා යොමුව තිබේ.

වරදා ෂන්මුගනාදන් විසින් ලබාගත් දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියේ දී ඇය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳව සිය අධ්‍යයනයන් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‌ළේය.

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »