Search

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම අද ආරම්භ විය.

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට දෙවැනි කොවිඩ් එන්නත ලබා මාස හයකට පසුව මෙම බූස්ටර් එන්නත ලබාගත හැකිය.

බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා www.australia.gov.au වෙබ් අඩවියෙන් හෝ www.health.gov.au වෙබ් අඩවිය යටතේ වේලාවක් වෙන්කරවා ගත හැකිය.

අද සිට ඔස්ට්‍රේලියාවේ ඔසුසැල්වලින් Pfizer එන්නත ලබාගැනීමට ද අවස්ථාව සලසා දී තිබේ.

ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ ඉලක්කය පසුගිය සතියේදී සියයට 80 සීමාව ඉක්මවා ගියේය.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »