මහීෂ් තීක්ෂණ ඔස්ටේ‍රලියාව සමග තරගයට සූදානම්

නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගය අතරතුරදී මාංශපේශී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ ඔස්ටේ‍රලියාව සමග ලබන 28 වනදා පැවැත්වෙන විස්සයි විස්ස තරගයට සහභාගි වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ෂාජා හි දී බංග්ලාදේශය සමග පැවති තරගයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින්.

චරිත් අසලංකගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුළු 5ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

ඒ බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමිනි.

සාජා ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කර තිබුණි.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලිටන් ඩාස් දැවි ගියේය.

එම අවස්ථාවේදී පන්දු යවමින් සිටි ලහිරු කුමාර සහ ලීටන් ඩාස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබුණි.

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »