
ශ්‍රී ලංකවෙන් බිහි වූ විශිෂ්ට රග්බි ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන චන්ද්‍රිශාන් පෙරේරා සිය දිවි ගමනට සමු දුන්නා.
චන්ද්‍රිශාන් රග්බි ක්‍රීඩාවට අමතරව හොකී සහ ක්‍රිකට් ක්‍රීඩා වෙන්ද ක්‍රීඩා සමාජ මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්.
ඊට අමතරව රග්බි විස්තර විචාරකයෙකු සහ විශේෂඥ විශ්ලේෂකයෙක් ලෙසද කටයුතු කල චන්ද්‍රිශාන් කොළඹ CH&FC ක්‍රීඩා සමාජය වෙනුවෙන් අන්තර් සමාජ මට්ටමේ ප්‍රමුඛ ජයග්‍රහණ රැසක් අත් කර දීමට දායකත්වය ලබා දුන් ක්‍රීඩකයෙක් වනවා.

ඔහු මිය යන විට 60 හැවිරිදි වියේ පසු වූවා.
චන්ද්‍රිශාන් වසරකට වැඩි කලක් ප්‍රතිකාර ලබමින් පසු වුවා.
