Search

අතුරුදන් Cleo Smith දැරිය සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවක්

අතුරුදන්ව සතියකට වැඩි කාලයක් ගතවී ඇති 04 හැවිරිදි Cleo Smith දැරිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් අද දිනයේදි අනාවරණය වී ඇත.

පසුගිය සෙනසුරාදා අලුයම 03 ට පමණ Blowholes campsite කලාපයේ ධාවනය වූ සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳ මේ වනවිට විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර තිබේ.

දැරිය, ඇයගේ මව විසින් අවසන්වරට දැක තිබුණේ එදින අලුයම 01 යි 30 ට පමණය.

මෙම මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වනු පුද්ගලයන් දෙදෙනෙකු විසින් දැක තිබේ.

මේ වනවිට අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් CCTV දර්ශන පරීක්ෂා කිරීම්ද ආරම්භ කර ඇතැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය.

සිය පවුලේ සාමාජිකයන් සමග Blowholes campsite කඳවුරු භූමියේ සිටියදී ඇය අතුරුදන්ව ඇතැයි හෙළිවූයේ පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේදීයි.

මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියා පොලිසිය විසින් කිලෝමීටර් 1000 ක වපසරියක් සහිත කලාපයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Cleo Smith දැරිය අනිවාර්යෙන් පැහැරගැනීමකට ලක්වී ඇතැයි විමර්ශන අංශ පසුගියදා තහවුරු කර ගත්තේය.

එමෙන්ම දැරිය පිළිබඳ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් දෙන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පසුගියදා නිවේදනය කලේය.

source : https://7news.com.au/news/wa/cleo-smith-search-takes-a-new-turn-after-detective-superintendent-rod-wilde-reveals-a-car-was-spotted-turning-off-blowholes-rd-during-a-crucial-window-of-time-c-4320140

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »