Day: October 24, 2021

බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශයට එරෙහි තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ කඩුලු 05 කින්. ශාජා නුවර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 171 ක් රැස් කලා. මොහොමඩ් නයිම් ලකුණු 62 ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 57 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා

Read More »

NSW ගුරුවරුන් 3000 ක් පමණ හෙට පාසල් නොඑන ළකුණු

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරුණද ගුරුවරුන් සැළකිය යුතු පිරිසකට මේ දක්වා එන්නත ලබාදී නොමැති බව හෙළිවෙයි. 02 – 11 දක්වා ශ්‍රේණවල අධ්‍යයන කටයුතු පාසල්වලම සිට හෙට ආරම්භ කෙරේ. එහෙත් මේ දක්වා එන්නත ගෙන නොමැති ගුරුවරුන් විශාල පිරිසක් ඉගැන්වීම් සඳහා නොපැමිණෙනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මීට පෙර දන්වා තිබුණේ ගුරුවරුන් නොවැම්බර් 08 වනදා වනවිට දෙවන මාත්‍රාව ලබාගෙන තිබිය යුතු බවයි. මේ දක්වා ගුරුවරුන් 3000 ක්

Read More »

අතුරුදන් Cleo Smith දැරිය සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවක්

අතුරුදන්ව සතියකට වැඩි කාලයක් ගතවී ඇති 04 හැවිරිදි Cleo Smith දැරිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් අද දිනයේදි අනාවරණය වී ඇත. පසුගිය සෙනසුරාදා අලුයම 03 ට පමණ Blowholes campsite කලාපයේ ධාවනය වූ සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳ මේ වනවිට විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර තිබේ. දැරිය, ඇයගේ මව විසින් අවසන්වරට දැක තිබුණේ එදින අලුයම 01 යි 30 ට පමණය. මෙම මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වනු පුද්ගලයන් දෙදෙනෙකු විසින් දැක තිබේ. මේ වනවිට අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් CCTV

Read More »
bondi sydney beach

සිඩ්නි වැටලීම් මාලාවකදී 86 දෙනෙකු අත්අඩංගුවට

සිඩ්නි නගරයේ පොදු ප්‍රවාහන ජාලය තුළ සිදුකල වැටලීම් මාලාවකදී විවිධ චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයන් 86 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම – විවිධ සමාජ විරෝධී ක්‍රියා – ගිණි අවි ළග තබා ගැනීම වැනි චෝදනායි මෙම පිරිසට එල්ලවී තිබුණේ. දුම්රිය – බස් සහ මගී ප්‍රවාහන යාත්‍රා (ferry) යන සියල්ල මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබුණා. මෙම වැටලීමේදී පිහි සහ ගිණි අවි 18 ක්ද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය භාරයට ගෙන ඇත. මෙම සෝදිසි මෙහෙයුමේදී දඩ පත්‍රිකා

Read More »