Day: October 24, 2021

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,935ක් | මරණ 11ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,935 ක් හමුව ඇත. මරණ 11ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24,993 කි. ඊයේ දිනයේදී (23) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 69,624 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 39,250ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1452032098609483776?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

T20 ලෝක කුසලානයේ සුපිරි 12 පළමු ජය ඔස්ට්‍රේලියාව ට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 118ක් පමණි. ඒ අනුව ජයග්‍රාහී ලකුණු 119 හඹා යෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 121ක් වාර්තා කරමින් ජයග්‍රහණය වාර්තා කළේය. ඒ පන්දුවාර 19යි පන්දු 4ක් තුළය. තරගය පැවැත්වුණේ අබුඩාබි හිදීය. මේ අතර පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ

Read More »

ලබන 08 දා සිට ඔස්ටේ්‍රලියානුවන්ට බූස්ටර් මාත්‍රාව ලබාදෙන ළකුණු

නිසි අවසරය ලැඛෙන්නේ නම් ලබන මස 08 වනදා සිට ඔස්ටේ්‍රලියානුවන්ට කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කෙසේවෙතත් ඒ සඳහා Therapeutic Goods Administration (TGA) & Australian Technical Advisory Group on Immunisation (ATAGI) වෙතින් අනුමැතිය ලැබිය යුතුය. කිසියම් අයුරකින් අනුමැතිය ලදහොත් ප්‍රතිශක්තීකරණය පිළිබඳ ගැටලු සහිත සහ healthcare / aged-care නිවාසවල සිටින අයට පළමුවෙන් එන්නත ලබාදෙන බවයි නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිළධාරී Michael Kidd කියාසිටියේ. දෙවන මාත්‍රාව ලබාදී මාස

Read More »