
නිසි අවසරය ලැඛෙන්නේ නම් ලබන මස 08 වනදා සිට ඔස්ටේ්‍රලියානුවන්ට කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේවෙතත් ඒ සඳහා Therapeutic Goods Administration (TGA) & Australian Technical Advisory Group on Immunisation (ATAGI) වෙතින් අනුමැතිය ලැබිය යුතුය.
කිසියම් අයුරකින් අනුමැතිය ලදහොත් ප්‍රතිශක්තීකරණය පිළිබඳ ගැටලු සහිත සහ healthcare / aged-care නිවාසවල සිටින අයට පළමුවෙන් එන්නත ලබාදෙන බවයි නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිළධාරී Michael Kidd කියාසිටියේ.

දෙවන මාත්‍රාව ලබාදී මාස 06 ක් ගතවීමෙන් පසු 03 වන මාත්‍රාව ලබාදීමට නියමිතයි.
ඊයේ දිනය වනවිට ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 72.5 ක් පූර්ණ එන්නත්කරණයට ලක්වී අවසන්.

More than 86.4% of Australians 16+ have received one dose of COVID-19 vaccine, more than 72.5% are fully vaccinated.
This means more than 34 million COVID-19 vaccines have now been administered.
Keep going Australia, book your vaccination at https://t.co/H9h0u1dJVd pic.twitter.com/fTI0SR7o2B
— Greg Hunt (@TheHonGregHunt) October 23, 2021