T20 ලෝක කුසලානයේ සුපිරි 12 පළමු ජය ඔස්ට්‍රේලියාව ට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 118ක් පමණි.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 119 හඹා යෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 121ක් වාර්තා කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ පන්දුවාර 19යි පන්දු 4ක් තුළය.

තරගය පැවැත්වුණේ අබුඩාබි හිදීය.

මේ අතර පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශයට එරෙහිවයි.

පස්වරු 03 යි 30 ට ශාජා හිදී එය ආරම්භ වනු ඇති.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »