NSW ගුරුවරුන් 3000 ක් පමණ හෙට පාසල් නොඑන ළකුණු

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරුණද ගුරුවරුන් සැළකිය යුතු පිරිසකට මේ දක්වා එන්නත ලබාදී නොමැති බව හෙළිවෙයි.

02 – 11 දක්වා ශ්‍රේණවල අධ්‍යයන කටයුතු පාසල්වලම සිට හෙට ආරම්භ කෙරේ.

එහෙත් මේ දක්වා එන්නත ගෙන නොමැති ගුරුවරුන් විශාල පිරිසක් ඉගැන්වීම් සඳහා නොපැමිණෙනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මීට පෙර දන්වා තිබුණේ ගුරුවරුන් නොවැම්බර් 08 වනදා වනවිට දෙවන මාත්‍රාව ලබාගෙන තිබිය යුතු බවයි.

මේ දක්වා ගුරුවරුන් 3000 ක් පමණ එන්නත ලබාගෙන නොමැති බවද වාර්තාවල සඳහන්.

නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ වාර්තා අනුව ප්‍රාන්තයේ සියයට 93 ක් පළමු මාත්‍රාවද සියයට 84.4 ක් මාත්‍රා දෙකමද ලබාගෙන අවසන්.

source : https://www.9news.com.au/national/nsw-coronavirus-daily-cases-october-24-thousands-of-teachers-still-not-vaccinated-as-students-return-to-classrooms-tomorrow/b71d1444-d5b8-4640-a086-24fd5b546828

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »