Search

බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශයට එරෙහි තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ කඩුලු 05 කින්.

ශාජා නුවර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 171 ක් රැස් කලා.

මොහොමඩ් නයිම් ලකුණු 62 ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 57 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පන්දුවාර 18 යි පන්දු 05 කදී කඩුලු 05 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

චරිත් අසලංක නොදැවී 80 යි.

භානුක රාජපක්ෂ 53 ක් රැස්කලා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »