Search

දින 05 ක් Northern Territory දුෂ්කර ප්‍රදේශයක අතරමංව සිටි Mahesh හා මිතුරා හමුවෙයි

දින 05 ක් පුරා Northern Territory හි දුෂ්කර ප්‍රදේශයක ජලය නොමැතිව අතරමංව සිටි තරුණයන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනේ.

Mahesh Patrick නම් 14 හැවිරිදි තරුණයෙකු සහ Shaun Emitja නම් 21 හැවිරිදි අයෙකු මෙලෙස හමුවී ඇතැයි පොලිසිය පවසයි.

Alice Springs ආසන්නයේදී ඔවුන් සොයාගන්නා අවස්ථාවේදී විජලනය සහ තෙහෙට්ටුව හැර වෙනත් කිසිදු රෝගාබාධයක් නොතිබූ බවද සඳහන්.

පසුගිය සඳුදා දිනයේදී දුෂ්කර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් සිටියදී මෙම දෙදෙනා ගමන් ගත් වාහනය දෝෂයකට ලක්ව ඇති අතර ඔවුන් උපකාර පතා කිලෝමීටර් 05 ක පමණ දුරක් ගමන් කර තිබේ.

එහෙත් ඔවුන් ගමන් කර ඇත්තේ වැරදි දිශාවකට වන අතර අනතුරුව දෙදෙනා බෙදී වෙන් කර මාර්ග 02 ක ගමන් කර ඇත.

Mahesh එතැන් සිට කිලෝමීටර් 35 ක පමණ දුරක් ගමන් කර තිබේ.

ඇබොරිජන් කණ්ඩායමකට ඔහු හමුවී ඇත්තේ අනතුරුවයි.

පසුව ගුවන් සෝදිසි මෙහෙයුමකදී Shaun සොයාගෙන තිබිණ.

මොවුන් දෙදෙනා නිරුපද්‍රිතව හමුවීම පුදුම සහගත බවයි පොලිසිය පවසන්නේ.

source : https://www.bbc.com/news/58949984

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »