Day: October 18, 2021

දින 05 ක් Northern Territory දුෂ්කර ප්‍රදේශයක අතරමංව සිටි Mahesh හා මිතුරා හමුවෙයි

දින 05 ක් පුරා Northern Territory හි දුෂ්කර ප්‍රදේශයක ජලය නොමැතිව අතරමංව සිටි තරුණයන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනේ. Mahesh Patrick නම් 14 හැවිරිදි තරුණයෙකු සහ Shaun Emitja නම් 21 හැවිරිදි අයෙකු මෙලෙස හමුවී ඇතැයි පොලිසිය පවසයි. Alice Springs ආසන්නයේදී ඔවුන් සොයාගන්නා අවස්ථාවේදී විජලනය සහ තෙහෙට්ටුව හැර වෙනත් කිසිදු රෝගාබාධයක් නොතිබූ බවද සඳහන්. පසුගිය සඳුදා දිනයේදී දුෂ්කර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් සිටියදී මෙම දෙදෙනා ගමන් ගත් වාහනය දෝෂයකට ලක්ව ඇති අතර ඔවුන් උපකාර පතා කිලෝමීටර් 05 ක පමණ

Read More »

වික්ටෝරියා පැමිණෙන අයටත් හෝටල් නිරෝධායනය වෙනුවට නිවාස නිරෝධායනයට අවසර ලැබෙන ළකුණු

දේශ සීමා විවෘත කල පසු පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් කල පුද්ගලයන් වෙනුවෙන් හෝටල් නිරෝධායනය ක්‍රියාත්මක නොකිරීම කෙරෙහි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. ඒ වෙනුවට නිවාස නිරෝධායන වැඩපිළිවෙලක් කෙරෙහි යොමුවීමට සිදුවන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ. දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර ඊට සමාන අයුරින් වික්ටෝරියා ප්‍රාන්තය තුළද එය ආරම්භ කිරීමට නියමිතයි. කෙසේවෙතත් කෙදින සිට මෙය අරඹන්නේද යන්න මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ. අදාළ යෝජනාව ලබන සිකුරාදා

Read More »

වික්ටෝරියා කොවිඩ් ආශ්‍රිතයන්ගේ හුදකලා කාලසීමාව දින 07 කට අඩු කෙරේ

කොවිඩ් ආසාධිතයන්ගේ මූලික ආශ්‍රිතයන් බවට පත්වන පුද්ගලයන් සඳහා පැවති හුදකලා කාල සීමාව ලබන සිකුරාදා සිට අඩු කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව කිසියම් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව සිටින එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති එම නිවසේම වාසය නොකරන අයෙකු වෙතොත් ඔවුන්ට හුදකලාව සිටීමට සිදුවන්නේ දින 07 ක් පමණි. දැනට ප්‍රාන්තය පුරා හුදකලා කර සිටින පුද්ගලයන් ගණන 60,000 ක් වන අතර ඉන් බහුතරයක් මාත්‍රා 02 ම ගත් අය වෙති. ඔවුන්ගෙන් විශාල පිරිසකට ලබන

Read More »

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට ඔහු 68 වන වියෙහි පසුවුණා. රෝගාතුරව සිටි බන්දුල වර්ණපුර පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 04 කට ක්‍රීඩා කර ඇති බන්දුල වර්ණපුර ලබා තිබූ ළකුණු සංඛ්‍යාව 96 ක්. එක්දින තරග 12 කදී ඔහු ළකුණු 180 ක් රැස්කර තිබුණා.

Read More »

මාලිංග ගේ වාර්තාව ශකිබ් ඩැහැගනී

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සතුව තිබූ ලෝක වාර්තාවක් තමන් සතුකර ගැනීමට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඊයේ සමත් වුණා. ඒ මෙතෙක් මාලිංගගේ නම ඉදිරියේ සටහන්ව තිබූ විස්සයි විස්ස වැඩිම කඩුලූ ලාභියා නාමය හිමිකර ගනිමින්. 20-20 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව ඊයේ පැවති පළමු වටයේ තරගයේදීයි ශකීබ් අල් හසන් මෙම වාර්තාව තමන් සතුකර ගත්තේ. මෙම තරගයේ දී ඔහු ලකුණු 17 කට කඩුලූ 02 ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඒ අනුව

Read More »