Day: October 18, 2021

අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ලබාදීමට ඔස්ටේ්‍රලියාව Ronapreve මාත්‍රා 15,000 ක් ඇණවුම් කරයි

Ronapreve නම් කොවිඩ් ප්‍රතිකාරයේ මාත්‍රා 15,000 ක් ඔස්ටේ්‍රලියාව විසින් ඇණවුම් කර තිබේ. දැනට ප්‍රතිකාර ලබන අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට ඒවා ලබාදීමට නියමිතයි. මෙම මාසය අවසානය වනවිට මෙම ඖෂධය ඔස්ටේ්‍රලියාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. Ronapreve යනු ප්‍රතිදේහ පදනම් කරගත් ප්‍රතිකාරයක් වන අතර කොවිඩ් මර්දන එන්නත නොමැතිව වෛරසය ආසාධනය වූවන්ට එය ලබාදීමට නියමිතය. ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ගැටලු නොමැති රෝගීන්ට එය ඉහළ ප්‍රතිචාර දක්වන බව සඳහන්.

Read More »

නිවු සවුත් වේල්ස් අද සිට ලිහිල් වන නිරෝධායන සීමා මෙන්න

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධායන සීමා අද සිට තවදුරටත් ලිහිල් කෙරේ. ඒ අනුව නිවසකට පැමිණිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමේ. බාහිර හමුවීම් උපරිමය 50 දක්වා වැඩි කෙරේ. අවන්හල් සඳහා පැවති සීමා තවදුරටත් ලිහිල්කරමින් වර්ග මීටර් 04 ක ප්‍රමාණය තුළ එක් අයෙකු බැගින් සිටින ආකාරයට අවසර හිමිවේ. සම්පූර්ණ ලිහිල් කිරීම් පහත පරිදිය. Pic Credit – 7News

Read More »