Day: October 18, 2021

එන්නත නොගතහොත් රැකියාව අහිමි වේද ? Current Affairs සම්පූර්ණ වැඩසටහන

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය රැකියා ගණනාවක සේවකයන්ට සේවා ස්ථානයට පැමිණීමට නම් පළමු සහ 02 වන එන්නත ගත යුතු දින මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 22 වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 දා වනවිට දෙවන එන්නතත් ගත යුතු වනවා. කිසියම් අයෙකු එන්නත නොගත හොත් ඔහුට හෝ ඇයට රැකියාවට යා නොහැකිද ? රැකියාව අහිම් වේද ? මේ සම්බන්ධයෙන් ඊයේ Ausලංකා TV Current Affairs හරහා සාකච්ඡාවට ලක් කෙරිණ. MJ Legal Principal Solicitor ජයන්ත විජේතිලක එහිදී කියාසිටියේ

Read More »

ඔස්ටේ්‍රලියානුවන් සඳහා vaccine passport නිකුත් කිරීම හෙට සිට

ඔස්ටේ්‍රලියානුවන් සඳහා vaccine passport නිකුත් කිරීම හෙට සිට ආරම්භ කෙරේ. එන්නත්කරණ දත්ත සහ සංචාරය කල ස්ථාන පිළිබඳ සියලු තොරතුරු ඊට අන්තර්ගතය. MyGov වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ QR කේතය ඩවුන්ලෝඩ් කරගත හැකිය. අයදුම් කිරීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටිය යුතු අතර වලංගු ගමන් බලපත්‍රයක් දැරිය යුතුයි. ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් මෙම ඉලෙක්ට්‍රොනික ලියවිල්ල ලොව පුරා පහසුකම් සහිත ඕනෑම ගුවන් තොටුපළකදී ස්කෑන් කර පරීක්ෂා කර බැලිය හැකි වනවා. ලබන පළමුවනදා සිට දේශ සීමා විවෘත කිරීමේ

Read More »

Brunswick හි Barkly Square Shopping Centre හිදී දෙදෙනෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

මෙල්බර්න් Brunswick හි Barkly Square Shopping Centre හිදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා තිබේ. අද පෙරවරු 08 ට පමණ මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කලේ. තුවාල ලැබූවන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. කෙසේවෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවද වික්ටෝරියා පොලිසිය සඳහන් කලේය. මේ වනවිට Barkly Square Shopping Centre තාවකාලිකව වසා දමා ඇත. source : https://www.9news.com.au/national/two-people-allegedly-stabbed-inside-melbourne-shopping-centre-barkly-square-brunswick/cf3465e1-1ed7-45ac-b574-43a15b909749  

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 266 ක් / මරණ 05 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (17) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 266 ක් වාර්තා වි තිබේ. දැනට 606 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 132 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 05 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 531 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 60,273 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1449857773286477833?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,903ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,903 ක් හමුව ඇත. මරණ 7ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,327 කි. ඊයේ දිනයේදී (17) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 69,825 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 32,405ක් ලබා දී තිබේ. Reported yesterday: 1,903 new local cases and 0 cases acquired overseas.– 32,405 vaccines administered – 69,825 test results received

Read More »