මෙල්බර්න් Brunswick හි Barkly Square Shopping Centre හිදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා තිබේ.
අද පෙරවරු 08 ට පමණ මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
තුවාල ලැබූවන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත් මෙය ත්රස්ත ක්රියාවක් නොවන බවද වික්ටෝරියා පොලිසිය සඳහන් කලේය.
මේ වනවිට Barkly Square Shopping Centre තාවකාලිකව වසා දමා ඇත.